Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

22 හැවිරිදි සරසවි සිසුවියක් ගෙළ වැළලාගනී

3 years ago

යාපනය විශ්වවිද්‍යාලයේ කලමනාකරණ පීඨයේ දෙවන වසර සිසුවියක් විශ්ව විද්‍යාලයීය නේවාසිකාගාරයක් තුළදී ගෙළ වැළලාගෙන ඊයේ (03) දා මියගොස් තිබෙනවා.

ඇය මන්නාරම ප්‍රදේශයේ ස්ථීර පදිංචිකාරිනියක් බවයි පැවසෙන්නේ.

ඇය යාපනයේ කලට්ටි ප්‍රදේශයේ පිහිටි විශ්ව විද්‍යාලයට අයත් සිසු නේවාසිකාගාරයක් තුලදී මෙසේ සිය දිවි හානි කරගෙන ඇති බවයි වාර්තා වන්නේ.

නේවාසිකාගාරයේ සහෝදර සිසුවියන් නොමැති අවස්ථාවක් බලා සිසුවිය ලණුවකින් බාල්කයේ එල්ලි සිය දිවි හානිකරගෙන තිබෙනව.

මියගිය සිසුවියගේ මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සදහා යාපනය ශීක්ෂණ රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර කෝපායි පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනවා.