විදුලි ගාස්තු යළි ඉහළ දැමීමට ලංකා විදුලිබල මණ්ඩලය යෝජනා කර තිබෙනවා.
එම මණ්ඩලය පෙන්වා දෙන්නේ රුපියල් කෝටි 3300කින් සිය ආදායම් වැඩිකර ගැනීම සඳහා මෙම ගාස්තු ඉහළ දැමිය යුතු බවයි.
ලංවිම සමාන්‍යාධිකාරි ජී. ඒ. ඩී. ආර්. පී. සෙනවිරත්න විසින් අත්සන් කර ඇති මෙම යෝජනාව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙහි පිටපත් මුදල් අමාත්‍යංශයේ ලේකම්, විදුලිබල අමාත්‍යංශයේ ලේකම් සහ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සියලුම සමාජිකයින්ට මේ වන විට යවා ඇති බව සඳහන්.
මෙම වසරේ ජනවාරි මාසයේදී විදුලි ගාස්තු වැඩිකළ අතර නැවත ජූලි මාසයේදී යළි විදුලි ගාස්තුවෙහි අඩුවීමක් සිදුවිය.

