පාසල්වලට ලබාදී තිබෙන පානීය ජල පද්ධතියෙන් පිහිනුම් තටාකවලට, නිල නිවාස හා පාසලේ ඉදිකිරීම් සඳහා ජලය සපයා ගැනීම අත්හිටුවීමින් චක්‍රලේඛයට නිකුත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
පාසල්වල දිගින් දිගටම සිදුවන ජල නාස්තිය පාලනය කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය, ජල සම්පත් හා ජලාපවහන මණ්ඩලය සහ මහා භාණ්ඩාගාරය එක්ව සාකච්ඡා කිරීමෙන් පසු මෙම පියවර අනුගමනය කිරීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.
මේ අනුව පාසලක එක් සිසුවෙකු සඳහා දෛනික ලීටර් 20ක් පමණක් ලබාදීමට ජාතික ජල සම්පත් හා ජලාපවනහ මණ්ඩලය තීරණය කර ඇති අතර ඒ සඳහා යන වියදම මහා භාණ්ඩාගාරය විසින් දැරීමට නියමිතයි.
1988 වසරේ සිට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් පාසල් සඳහා නොමිලේ ජලය ලබාදීමට කටයුතු කළා.
මෙලෙස පාසල්වලට නොමිලේ ලබාදෙන ජලය පාසලේ පිහිනුම් තටාකවලට ඉදිකිරීම් කටයුතුවලට සහ නිල නිවාසවලට සපයා ගන්නා බැවින් එය පාලනය කිරීමට එම මණ්ඩලයේ අවධානය යොමුව තිබෙනවා.
අදාළ ජල ප්‍රමාණයට වැඩි ජල ප්‍රමාණයක් පාසලේ පරිහරණය කෙරෙන්නේ නම් එය පාසල් සංවර්ධන සමිතිය විසින් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට ගෙවිය යුතු බව එම මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි වාණිජ පියල් පත්මනාථ මහතා පවසනවා.
නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා කියා සිටියේ ජල සම්පත් නාස්තියකින් තොරව ආරක්ෂා කිරීමේ අරමුණින් මෙම පියවර ගන්නා බවයි.

