Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පාසල් සිසුන් දෙදෙනෙක් එක්ව 14 හැවිරිදි පාසල් සිසුවියක අමානුෂික ලෙස දූෂණය කරලා! එක් සිසුවෙකුගේ වයස 13යි!

3 years ago

පුත්තලම සමඟිපුර ප්‍රදේශයේ පදිංචි 14 හැවිරිදි බාල වයස්කාර පාසල් සිසුවියක් තවත් පාසල් සිසුන් දෙදෙනෙක් විසින් බලහත්කාරයෙන් සමුහ අතවරයට ලක් කිරීමේ සිද්ධියක් වනාතවිල්ලුව ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

පොලීසිය සඳහන් කළේ මෙම දැරිය බලහත්කාරයෙන් අතවරයට ලක්කර ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් වනාතවිල්ලුව පොලීසිය 18 හැවිරිදි පාසල් සිසුවෙක් සහ 13 හැවිරිදි පාසල් සිසුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් සංඛ්‍යා දත්ත අනුව මේ වන විට දිනපතා වර්තාවන ස්ත්‍රී දුෂණ ප්‍රමාණය අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති බව පොලීසිය පවසනවා.

මේ අනුව දිනකට ස්ත්‍රී දුෂණ සිද්ධි 8 – 10 ත් අතර ප්‍රමාණයක් වාර්තා වෙමින් ඇති බවයි සඳහන් වන්නේ.