Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

LPL තරඟාවලියේදී කුසල් සහ චාමික අතර උණුසුම් වාදයක් (VIDEO)

3 years ago

ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දඹුල්ල කණ්ඩායමට සහ කලම්බූ ස්ට්‍රයිකර්ස් කණ්ඩායම අතර පැවැති තරගය ලකුණු 10කින් ජය ගැනීමට දඹුල්ල අවුරා කණ්ඩායම සමත් වුනා.

කාසියේ වාසිය දිනාගැනීමට කලම්බූ ස්ට්‍රයිකර්ස් කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා දඹුල්ල කණ්ඩායමට ආරාධනා කලා.

ඒ අනුව, පළමුවෙන් පන්දුවට පහරදුන් දඹුල්ල කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 192ක් රැස් කළා.

දඹුල්ල දඹුල්ල කණ්ඩායම වෙනුවෙන් නායක කුසල් මෙන්ඩිස් ලකුණු 87ක් රැස්කළ අතර සධීර සමරවික්‍රම ලකුණු 59ක් රැස් කළා.

පන්දු යැවීමේදී කලම්බූ ස්ට්‍රයිකර්ස් කණ්ඩායම වෙනුවෙන් මතීෂ පතිරණ කඩුලු 3ක් දවා ගත්තා.

ඒ අනුව ලකුණු 193ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායෑම සඳහා පිටියට පිවිසි කලම්බූ ස්ට්‍රයිකර්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ රැස්කර ගත හැකි වූයේ ලකුණු 182ක් පමණයි.

මේ අතර තරගයේ අවසන් පන්දුවාරයේදී කුසල් මෙන්ඩිස් හා චාමික කරුණාරත්න අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවිය.

එම අවස්ථාව නැරඹීමට