Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

13 හැවිරිදි දරුවෙකුට මරු කැඳ වූ හඳුනානොගත් උණ රෝගය

3 years ago

හඳුනානොගත් උණ රෝගයකින් වයස අවුරුදු 13ක දරුවෙක් අද (06) මිය ගොස් තිබෙනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ 13 හැවිරිදි මීගමුව ප්‍රදේශයේ පදිංචි අබ්දුල් අසීස් නමැති දරුවෙක්.

මෙම දරුවා දින කිහිපයක් තිස්සේ ඔළුව කැක්කුමක් සමඟ උණ රෝගයෙන් පීඩා විඳිමින් සිට ඇති අතර වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත්ත ද ඉන් රෝහී තත්ත්වයේ අඩු, වැඩිවීමක් ඇති වුණ බව පවුලේ ආරංචි මාර්ග පවසනවා.

පසුව ඊයේ (05) රාත්‍ර්‍රී මෙම දරුවා අසාමාන්‍ය නින්දකට වැටී සිටි බැවින් මවුපියන් ඔහුව මීගමුව මහ රෝහලට ඇතුළත් කර තිබෙන අතර එම රෝහලේ වෛද්‍යවරුන් විසින් දරුවා රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇත්තේ දරුවාට හුස්ම ගැනීමේ අපහසුතාවක් තිබුණ බැවින්.

නමුත් අද අලුයම දරුවා එහිදී මිය ගොස් තිබෙනවා.

ඔහුගේ මෘත ශරීරය මේ වන විට මීගමුව මහ රෝහලේ මෘත ශරීරාගාරයේ තන්පත් කොට ඇති අතර මීගමුව රෝහල් පොලිසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරනවා. (mdaywediya)