මට්ටක්කුලිය කදිරානවත්ත ප්‍රදේශයේදී මව සහ පියා අතර ඇති වූ ආරවුලකට මැදිව බරපතල තුවාල ලැබූ වයස අවුරුදු 12ක කුඩා පිරිමි දරුවෙකු රෝහල් ගත කර තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ සිද්ධියෙන් පසු දරුවාගේ පියා ගෙළවැළලාගෙන ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
දරුවාගේ පියා බීමතින් පැමිණ මවට පහර දී ඇති අතර එම අවස්ථාවේදී පියා විසින් නිවසෙහි තිබූ භාණ්ඩයකින් මවට පහර දී ඇති අතර එය දරුවාගේ හිසෙහි වැදී තිබෙනවා.
එහිදී දරුවා සිහිසුන්වී ඇති අතර පසුව ප්‍රදේශවාසීන් මැදිහත් වී රෝහල්ගත කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
සිද්ධියෙන් පසු දරුවාගේ පියා නිවස තුළදී ගෙළවැළලාගෙන ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
