ශ්රී ලංකාවේ පැවැත්වීමට සැලසුම් කර ඇති ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග කිහිපයක් බංග්ලාදේශයට යොමු කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අවධානය යොමුව ඇති බව වාර්තා වෙයි.
මින් පෙර සැලසුම් කර තිබුණේ අවසන් මහා තරගයද ඇතුළු තරග නවයක් ශ්‍රී ලංකාවේ පැවැත්වීමටයි.
ආසියානු කුසලාන තරගාවලිය අගෝස්තු මස 31වනදා ආරම්භ වීමට නියමිතය.
ක්‍රීඩා අමාත්‍යවරයා හා ක්‍රිකට් ආයතනය අතර පවතින මතභේදාත්මක මත මෙරට පැවැත්වීමට සැලසුම් කර ඇති තරග බංග්ලාදේශයට ගෙන යාමට අවධානය යොමු කර ඇති බවයි පැවසෙන්නේ.
මෙම තත්වය මත ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන ගණනක අලාභයක් සිදුවීමේ අවදානමක් මතුව ඇත.

