Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛනයේ සංශෝධනයක්

3 years ago

ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කිරීම සඳහා ඉකුත් මැයි මාසයේ නිකුත් කරන ලද චක්‍රලේඛය සංශෝධනය කිරීම සඳහා අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, වෛද්‍යවරුන්, විනිශ්චයකාරවරුන්, අධ්‍යාපන ක්ෂේත්‍රයේ සේවාවන්වල නිලධාරින්, ජාතික පාසල්වල අනධ්‍යයන කාර්ය මණ්ඩල නිලධාරින් සහ විශේෂ හේතු මත සිසුන් ඇතුළත් කිරීම සඳහා කරනු ලබන ඉල්ලීම් සලකා බලමිනි.

මෙම කණ්ඩායම්වලින් සිසුන් ඇතුළත් කිරීමට ලැයිස්තු වශයෙන් ඉල්ලීම් ලැබෙන නමුත් චක්‍රලේඛය අනුව ලැයිස්තු වශයෙන් එම ඉල්ලීම් සලකා බැලිය නොහැකි යැයි කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙන යෝජනාවේ සඳහන් වෙයි.

එම නිසා මෙවැනි කණ්ඩායම්වල ඉල්ලීම් ලැබුණු විට ඉල්ලීම්හි සාධාරණත්වය සලකා බැලීමෙන් අනතුරුව අධ්‍යාපන ලේකම් විසින් ඒ සඳහා අනුමැතිය දීම සුදුසු යැයි ද එම යෝජනාවේ සඳහන් කර තිබේ.