Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දූෂණ චෝදනා රැසක් එල්ල වූ විදුහල්පතිනියට ස්ථාන මාරුවක්

3 years ago

දූෂණ චෝදනා රැසකට වගකිව යුතු නාවල ප්‍රසිද්ධ බාලිකා පාසලක ව්දුහල්පතිවරියක් වහාම ක්‍රියාත්මක වන පරිදි වෙනත් පාසලකට මාරු කර යවා තිබෙනවා.

එම පාසලේ දරුවන්ගේ මවුපියන් හා ගුරුවරුන් එක්ව ඇයට විරුද්ධව සිදු කළ පැමිණිලි හේතුවෙන් මෙම ස්ථාන මාරුව ඇයට ලබා දී තිබෙනවා.

දිගින් දිගටම දූෂණ චෝදනා එල්ල වුවද ඉහළ පෙළේ නිළධාරීන්ටද අල්ලස් ලබා දෙමින් ඇය වසර 10කට ආසන්න කාලයක් විදුහල්පති ධූරයේ කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම පසුගිය සමයේදීද පාසල් නිල ඇදුම් සම්බන්ධ වංචාවකට පවා මෙම විදුහල්පතිනිය හසු ඇති බව වාර්තා වෙනවා.