LPL තරගාවලිය අතරතුරදී ක්රීඩා ආචාරධර්ම උල්ලංඝනය කළ ක්රීඩකයින් කිහිපදෙනෙකුට එරෙහිව දඩ මුදල් සහ දඬුවම් ලකුණක් කපා හැරීමට LPL සංවිධායකයින් තීරණය කර තිබේ.
ඒ අනුව පසුගිය අගෝස්තු 05 වනදා මහනුවර පල්ලෙකැලේ ක්රීඩාංගණයේදී පැවති දඹුල්ල කණ්ඩායම සහ කොළඹ කණ්ඩායම අතර පැවති තරගයේදී ආචාරධර්ම උල්ලංඝනය කිරීමේ චෝදනාව යටතේ හසන් අලීගේ තරග ගාස්තුවෙන් සියයට 15ක දඩයක් සහ දඬුවම් ලකුණක් පැනවීමට තීරණය කර තිබේ.
මේ අතර එම තරගයේදී ආචාරධර්ම උල්ලංඝනය කිරීමේ චෝදනාව යටතේ දඹුල්ල කණ්ඩායමේ ක්රීඩක කුසල් මෙන්ඩිස් හට තරග ගාස්තුවෙන් සියයට 10ක දඩ මුදලක් සහ දඬුවම් ලකුණක් පැනවීමට තීරණය කර ඇත.
එසේම කොළඹ කණ්ඩායමේ ක්රීඩක චාමික කරුණාරත්නට චෝදනා දෙකක් යටතේ තරග ගාස්තුවෙන් සියයට 30ක දඩයක් සහ සියයට 25ක දඩ මුදලක් නියම කර ඇති අතර ඔහුට එම චෝදනා ද්විත්ත්වය යටතේ දඬුවම් ලකුණු 3ක් පැනවීමටද තීරණය කර තිබේ.
මේ අතර ජුලි මස 30 වනදා ජැෆ්නා කණ්ඩායම සහ කොළඹ කණ්ඩායම අතර පැවති තරගයේදී තරග නීති කැඩූ නසීම් ෂා හට තරග ගාස්තුවෙන් සියයට 20ක දඩයක් සහ එක දඬුවම් ලකුණක් පැනවීමට LPL සංවිධායකයින් තීරණය කර ඇත.
LPL සංවිධායකයින් පවසන්නේ ඊට අදාළ චෝදනා එල්ලවූ සියලු ක්රීඩකයින් විසින් වරද පිළිගැනීමෙන් අනතුරුව මෙලෙස දඩ මුදල් සහ දඬුවම් ලකුණු පැනවීමට තීරණය කළ බවය.

