නවගමුව – බෝමිරිය – රාස්සපාන ප්‍රදේශයේ විහාරස්ථානයක සිටි පල්ලේගම සුමන හිමි අද (08) අත්අඩංගුවට ගත් බව නවගමුව පොලීසිය පවසනවා.
එම ප්‍රදේශයේ කාන්තාවන් කිහිප දෙනෙකුට නොමනා ක්‍රියාවන් සිදුකළ බවට ප්‍රදේශවාසීන්ගෙන් ලද පැමිණිලි අනුව පල්ලේගම සුමන හිමි පොලීසියට කැඳවා සාක්ෂි සටහන් කරගැනීමෙන් අනතුරුව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මීට මාස 02කට පෙර කාන්තාවන් දෙදෙනෙකුට සහ පල්ලේගම සුමන හිමිට නිවසක් තුළදී ගම්වාසීන් විසින් පහරදීමේ සිද්ධියක් හේතුවෙන් ගැටළුකාරී තත්ත්වයක්ද ඇතිව තිබුණා.
අත්අඩංගුවට ගත් සැකකාර හිමි නම අද කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
