Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

නුවර කණ්ඩායමට දැවැන්ත ජයක් ගෙන ආ වනිඳුගේ ගිනි කෙළි සංදර්ශනය

3 years ago

2023 ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ B-Love Kandy කණ්ඩායම හා Galle Titans කණ්ඩායම අතර පැවති තරගයෙන් ලකුණු 89 කින් ජය ගැනීමට B-Love Kandy කණ්ඩායම අද (08) සමත් වුණා.

කාසියේ වාසිය දිනාගත් Galle Titans කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.

එහිදී B-Love Kandy පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 203 ක් ලබා ගැනීමට සමත් වූ අතර, ප්‍රතිවාදී Galle Titans කණ්ඩායට හිමි වූ ඉලක්කය ලකුණු 204 ක්.

B-Love Kandy වෙනුවෙන් වනිදු හසරංග පන්දු 27 දී ලකුණු 64 ක් ද,ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 40 ක් ද, Fakhar Zaman ලකුණු 45 ක් ද ලබා ගත් අතර පන්දු යැවීමේදී ලහිරු සමරකෝන් ලකුණු 31 ට කඩුලු 02 ක් බිඳ හෙළීමට සමත් විය.

කෙසේ නමුත් පිළිතුරු ඉනිමට පිටියට පිවිසි Galle Titans කණ්ඩායමට පන්දුවාර 16 යි පන්දු 4 අවසානයේ සියළු දෙනාම දැවී ලබාගැනීමට හැකි වූයේ ලකුණු 113 ක් පමණයි. ඒ අනුව නුවර කණ්ඩායමට ලකුණු 89ක ජයක් හිමි විය.

Galle Titans කණ්ඩායම වෙනුවෙන් Lasith Croospulle ලකුණු 27 ක් ද, ලහිරු සමරකෝන් ලකුණු 36 ක් ද, අශාන් ප්‍රියන්ජිත් ලකුණු 25 ක් ද ලබා ගත්තා.

පන්දු යැවීමේ දී වනිදු හසරංග ලකුණු 17 ට කඩුලු 4 ක්ද, නුවන් ප්‍රදීප් ලකුණු 21 ට කඩුලු 3 ක් බිඳ හෙලීමට සමත් විය.