ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සඳුදා (07) රැස්වූ ආණ්ඩුපක්ෂ මන්ත්‍රී කණ්ඩායම විසින් සිරස රූපවාහිනී නාලිකාවට එරෙහිව තේරීම් කාරක සභාවක් පත් කිරීමට තීරණය කර තිබෙන බවට වාර්තා වෙනවා.
මෙහිදි ආණ්ඩුපක්ෂ මන්ත්‍රීවරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පෙන්වා දී ඇත්තේ දේශපාලන කුමන්ත්‍රණ සිදුකරමින් ජනතාව කුපිත කිරීමට සිරස රූපවාහිනී නාලිකාව වැඩසටහන් විකාශය කරන බවයි
සිරස ප්‍රධානියකු විසින් ආණ්ඩුව දැඩිව විවේචනය කරමින් ප්‍රකාශයක් කර ඇති බවත් මෙය මාධ්‍ය ආයතනයක ප්‍රධානියෙකු විසින් ප්‍රකාශ කිරීමට උචිත නොවන එකක් බවත් ජනාධිපතිවරයාද එහිදී සඳහන් කර තිබෙනවා.
සිරස tv නාලිකාව සැලසුම් සහගතව ආණ්ඩුවේ වැඩපිළිවෙල කඩාකප්පල් කිරීමට කටයුතු කරන බවත් පසුගිය කාලයේදී ගොවි ජනතාව උසි ගන්වමින් ජනතා විමුක්ති පෙරමුණේ උද්ඝෝෂණ විකාශය කරමින් සිරස නාලිකාව දේශපාලන කුමන්ත්රණයක නිරත වූ බවටත් මෙහිදි චෝදනා එල්ලකර තිබෙනවා.
ඒ හේතුවෙන් සිරස නාලිකාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමට තීරණය කළ බවට වාර්තා වෙනවා.
මේ අතර පසුගිය දිනක දසදෙසින් හතට වැඩසටහනේ දී ගුවන් විදුලි සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහ මහතා විසින් MTV මාධ්‍ය ජාලය සහ කැපිටල් මහරාජා සමූහයේ විධායක අධ්යක්ෂ ශෙවාන් ඩැනියෙල් මහතා සිරස ගම්මැද්ද වැඩසටහනේ දී සිදුකළ ප්‍රකාශයක් ප්‍රචාරය කොට ශෙවාන් ඩැනියෙල් මහතා මෙන්ම සිරස මාධ්‍ය ආයතනය ද දැඩිව විවෙචනයට ලක් කර තිබෙනවා.

