ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට තවත් සහනයක් ලබාදීමට අදාළ නඩු විභාගය සිඩ්නි ඩවුනින් සෙන්ටර් අධිකරණයේදී විභාගයට ගත් අවස්ථාවේදී තීරණය කර ඇත.
එම සහනය හරහා ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට ඔස්ට්‍රේලියාව තුළ සංචාරය කිරීමට අවසර හිමිවන අතර මෙම සිදුවීම ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කර ඇත්තේ එය ධනුෂ්ක ගුණතිලක ලද ජයග්‍රහණයක් බවයි.
ධනුෂ්ක ගුණතිලකට ඔස්ට්‍රේලියාව තුළ ගුවන් ගමන් සංචාරයන්හි නිරත වීමට ද අවසර ලැබී ඇති අතර එක් මාසයකදී අභ්‍යන්තර ගුවන් සංචාරයන් දෙකක් සිදුකිරීමට අවසර හිමිව ඇත.
එහෙත් ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට සතියකට තුන් වතාවක් පොලීසිය හමුවේ පෙනී සිටීමේ නියෝගය තවදුරටත් ක්‍රියාත්මක බවද සදහන් කරයි.

