Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අධිවේගී මාර්ග විකුණන කතාව සම්බන්ධයෙන් අමාත්‍යවරයාගෙන් පැහැදිලි කිරීමක්

3 years ago

අධිවේගී මාර්ග විකුණන තොරතුර අසත්‍යක් බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

අධිවේගී මාර්ග විකුණා දැමීම වෙනුවට නව කළමනාකරණ ක්‍රමවේදයක් යටතේ අධිවේගී මාර්ග ආණ්ඩුවේ වත්කම් ලෙස පවත්වාගෙන යාම වෙනුවෙන් සියයට සියයක් රජය සතු භාණ්ඩාගාරය යටතේ පවතින සමාගමක් වෙත පවරා ගැනීම පමණක සිදුවන බව අමාත්‍යවරයා සඳහන් කළා.

අධිවේගී මාර්ග පද්ධතිය සංවර්ධනය කර, දියුණු කිරීම හා නාස්තිය, දූෂණය හා අපතේ යාම වැළැක්වීම වෙනුවෙන් මෙම ක්‍රියාමාර්ගය ගනු ලබන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

එහිදී කිසිදු සේවකයකුගේ රැකියා අහිමිවීමක් සිදු නොවන බව ද අමාත්‍යවරයා අවධාරණය කළා.