Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පෞද්ගලික කෝන්තරයක් පිරිමහන්න පවුල් 4ක් වතුර බොන ළිඳට සර්පයෙක් මරලා දාලා

3 years ago

බොන ළිඳට සර්පයෙක් මරලා දාලා

මොණරාගල මැදගම ප්‍රදේශයේ පවුල් හතරක් පානයට ජලය ලබා ගන්නා ළිඳකට සර්පයෙක් මරා දැමීමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ යම්කිසි පුද්ගලයෙකු පෞද්ගලික අමනාපයක් හේතුවෙන් මෙම ක්‍රියාව සිදු කර ඇති බවටයි.

ළිඳ තුලින් වහනය වූ  දුර්ගන්ධයක් හේතුවෙන් එහි ජලය හිස් කර බැලීමේ දී මියගිය සර්පයෙකු සහිත බෑගය හමු වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මැදගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට සහ මැදගම පොලිසිය වෙත දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.