Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

විදුහල්පතිගේ පුතාගේ විවාහය නිසා වසා දැමුණු පාසල

3 years ago

වැලිඔය පාසලක විදුහල්පතිනියගේ පුතාගේ විවාහ මංගල්‍යය උත්සවයට සහභාගිවීම සදහා පාසල කලින් නිමා කර දරුවන් නිවෙස්වලට එවූ බව මවුපියන් පවසනවා.

වැලිඔය ගජබාපුර මුලතිව් පරණගම විදුහලේ ස්වේච්ඡා ගුරුවරයකු ලෙස සේවය කරන විදුහල්පතිනියගේ පුතාගේ විවාහ මංගල්‍යය උත්සවය ඊයේ(10) පැවැත්වූ බැවින් එකී මනමාලිය ද එම පාසලේම ස්වේච්ඡා ගුරුවරියක් නිසාවෙන් ම ප්‍රාථමික දරුවන් 10.30 ට හා ඉහල පංතිවල දරුවන් 11.00ට පමණ මෙසේ අවසන් කර ඇත බවයි වාර්තා වන්නේ.

ගුරුවරු ගුරුවරියන් දහවල් 11.00 පාසලෙන් බැහැර ගොස් ඇති බවද පැවසේ. 1 – 11 පංති පැවත්වෙන මෙම පාසලේ සිසු දරුවන් 200 ට ආසන්න පිරිසක් ඉගෙනුම ලබන බවයි වාර්තා වන්නේ.

ගුරුවරුන්ට 20 ට ආසන්න පිරිසක් සේවය කරන බවද තොරතුරු වාර්තා වේ. සිවිල් ආරක්ෂක ගුරුවරු දෙදෙනකු හා ස්වෙච්ඡා ගුරුවරු ලෙස හය දෙනකු පමණ මේ අතර සිටින බවද අනාවරණය වෙයි.

ගම්වැසියන් පවසන්නේ, ඉතා කටුක ජීවිතයක් ගත කරමින් පාසල් යවන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු එක් දිනක් හෝ කඩාකප්පල්කිරීම ඉතා ශෝචනීය බවයි.