Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

විශ්‍රාම ගිය ගුරුවරුන් හා සේවය හැර ගිය ගුරුවරුන් නැවත ගුරු සේවයට බඳවා ගැනීමට තීරණයක්

3 years ago

විශ්‍රාම ගිය සහ සේවය හැර ගිය ගුරුවරුන් පළාත් පාසල්වලට බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය ලබා ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද (11) පවසා සිටියා.

මේ වසරට වෙන්කළ මුදල් පළාත් සභාවල පවතින හෙයින් ඒ පිරිස බඳවා ගත හැකි බව අමාත්‍යවරයා සඳහන් කළා.

වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියාසිටියේ කැබිනට් අනුමැතිය ලබා ගැනීමෙන් පසුව ඒ පිළිබඳව පළාත් සභාවලට දැනුම්දෙන බවත් මෙලෙස බඳවාගැනීම් කළහොත් ගුරු ඌනතාවය යම් ප්‍රමාණයකට මගහරවා ගත හැකි වනු ඇති බවයි.

මේ සියලු දෙනා බඳවාගත් පසුද තවත් 26000ක පුරප්පාඩු බව පැවසූ සුසිල් ප්‍රේමජයන්ත මහතා අධිකරණ නියෝගය නොතිබුණේ නම් සියලු දෙනා බඳවාගෙන අවසන් කළ හැකිව තිබූ බවද ප්‍රකාශ කළා.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රීනී රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.