Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පියා ගෙවත්තේ මල් පැලවලට වතුර දමමින් සිටින අතරේ අභිරහස් ලෙස මියගිය 09 හැවිරිදි දැරියගේ සිරුර බාල්කයක එල්ලෙයි

3 years ago

හලාවත ,බටහිර ඉරණවිල සමිඳුගම ප්‍රදේශයේ නිවසක පදිංචිව සිටි අවුරුදු නමයක් වයස සිසුවියකගේ සිරුර නිවසේ ලණුවකින් එල්ලෙමින් තිබියදී ඊයේ සවස සොයාගත් බව හලාවත මූලස්ථාන පොලීසිය කියයි.

මියගොස් ඇත්තේ සලනි පීරිස් නැමැති දැරියකි. එම බාලවයස් සිසුවියගේ මරණය සැකකටයුතු මරණයක් ලෙස සලකා හලාවත මූලස්ථාන පොලීසියේ අපරාධ විමර්ශන අංශය පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

මෙම දැරියගේ මව වසර දෙකක පමණ කාලයක සිට විදෙස් රැකියාවක නිරතව සිටින බවට තොරතුරු ලැබී ඇතැයි හලාවත මූලස්ථාන පොලිසියේ නිලධාරියෙක් පැවැසීය.

එම සිද්ධිය වන අවස්ථාවේ දැරියගේ පියා ගෙවත්තේ සිටුවා ඇති මල්වලට වතුර දමමින් සිට ඇතැයි පොලිසිය කියයි.

දැරියගේ සිරුර මාරවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.