බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය සහ ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කරන ආයතනයක් බැක්ටීරියා විශේෂයක් පිළිබඳව අදහස් දැක්වීමක් සිදුකර තිබෙනවා.
මෙම බැක්ටීරියා විශේෂය පොකුණු සහ ගංගා ආශ්‍රිතව වර්ධනය වන බවයි වාර්තා වන්නේ.
එය නමින් Legionella (ලෙජියොනෙල්ලා) ලෙස සඳහන්.
මෙම බැක්ටීරියා විශේෂය අඩංගු කුඩා ජල බිඳිති ආශ්වාස කරන්නේ නම්, ඔවුන්ට දරුණු නියුමෝනියා තත්ත්වයක් ඇතිවන බව වාර්තා වනවා.
මේ සඳහා ප්‍රතිජීවක මගින් ප්‍රතිකාර කළ හැකි වුවද, පෙනහළු අකර්මණ්‍ය වීම සහ මරණය පවා ඇති විය හැකි බව සඳහන්.
