ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ ශල්‍ය වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ රෝගියෙකු සෙෆ්ටාසිඩිම් එන්නත ලබාදීමෙන් පසු මියගිය පුවතක් වාර්තා වෙනවා.
පසුගිය 6 වනදා 67 හැවිරිදි මෙම පුද්ගලයා දියවැඩියා රෝගය උත්සන්න වීම නිසා රෝහලට ඇතුළත්ව තිබෙනවා.
එදින සිට ඊයේ(11) දක්වා මොහුට සෙෆ්ටාසිඩිම් එන්නත දස වතාවක් ලබා දුන් බව රෝහල් ආරංචි මාර්ග පවසනවා.
එකොලොස්වන මාත්‍රාව ලබා දීමෙන් පසු සංකූලතා වාර්තාවී ඇති අතර පසුව රෝගියා මියගිය ගොස් තිබෙනවා.
රෝහල් අධ්‍යක්ෂවරයාගේ උපදෙස් පරිදි එම එන්නත් කාණ්ඩය තාවකාලිකව අත්හිටුවීමට ගම්පහ රෝහල කටයුතු කර තිබෙනවා.

