අවුරුදු දාහතරක් වයසැති බාල වයස්කාර තම දියණියව ලිංගික අපයෝජනය සදහා පුද්ගලයින්ට මුදලට විකුණු දැරියගේ මව අත්අඩංගුවට ගත් බව දිවුලපිටිය පොලිසිය පවසනවා.
එම දැරියව ලිංගික අපයෝජනයට ලක් කළ එක් සැකකරුවෙකුවද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
දැරියගේ පියා මියගොස් ඇති බවත් සැකකාර මව සිව් දරු මවක් වන බවත් පොලිසිය පවසනවා.
සැකකාරිය පුද්ගලයින්ව නිවසට ගෙන්වාගෙන එක් පුද්ගලයෙකුගෙන් රුපියල් 2000 බැගින් මුදල් ලබාගෙන තම දියණියව නිවස තුළම ලිංගික අපයෝජනය සඳහා යොමු කර ඇති බවට පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ නිවසේ කිසිවෙකුත් නොමැති අවස්ථාවන්හිදී පුද්ගලයින්ව නිවසට ගෙන්වා ගන්නා සැකකාරිය එම පුද්ගලයාව සහ තම දියණියව නිවස තුළට දමා දොරවල් වසා දමා මුරකාවල් යොදා තිබෙන බවයි.
දැරිය 10 වසරේ ඉගෙනුම ලබන බවත් මව සිදු කරනා එම ක්රියාවලිය ඉවසා දරාගත නොහැකිව ඉගෙනුම ලබන පාසලේ ගුරුවරියකට දැරිය සිද්ධිය පවසා තිබෙනවා.
මෙම මව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 22 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

