Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ප්‍රදේශ රැසකට අඛණ්ඩව ජලය නිකුත් කිරීම අත්හිටුවයි! මුරක්‍රමයට ජලය නිකුත් කරන ප්‍රදේශ මෙන්න!

3 years ago

රට තුළ පවතින අධික වියළි කාළගුණික තත්ත්වය ගොවිබිම් පමණක් නොව මේ වනවිට පානීය ජලය සපයා ගැනීමටද අභියෝගයක් වී තිබේ.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන මහාවාරි ව්‍යාපාර 73න් 42ක සක්‍රිය ජල ධාරිතාව මේ වනවිට 30% දක්වා අඩුවී තිබේ.

ජාතික ජලම්පාදන මණ්ඩලය ඊයේ (12) ප්‍රකාශ කළේ, දිවයින පුරා ක්‍රියාත්මක ජලසම්පාදන මෙහෙයුම් 344 අතුරින් 20ක පූර්ණ කාලීන ජලය ලබාදීම අත්හිටුවා මුර ක්‍රමයට ජලය ලබාදීමේ කටයුතු ආරම්භ කර ඇති බවය.

ඒ අනුව කුරුණෑගල, හෙට්ටිපොළ, නිකවැරටිය, වාරියපොළ, මාතර – ඌරුබොක්ක, හම්බන්තොට – බෙලිඅත්ත, මුරුතවෙල, තංගල්ල, වලස්මුල්ල, අක්කරෛපත්තු, පොතුවිල්, තිරුක්කෝවිල්, මොණරාගල – බිබිලේ, අඹගස්දූව, බණ්ඩාරවෙළ, බෝගහකුඹුර, හල්දුමුල්ල, කන්දෙකැටිය, සීලතැටිය, අමුණුකැලේ, කැප්පෙටිපොළ යන ජලසම්පාදන ක්‍රමවල මෙලෙස මුර ක්‍රමය යටතේ සීමා සහිතව ජල සම්පාදනය සිදුකරනු ලබයි.

පවතින තත්ත්වය හමුවේ අරපිරිමැස්මෙන් ජලය පරිභෝජනය කරන ලෙස ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවට දැනුම් දෙනවා.