හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සචිත්ර සේනානායකට එරෙහිව අපරාධ චෝදනා ගොනු කරන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව ක්‍රීඩා අමාත්‍යාංශයේ විශේෂ විමර්ශන ඒකකයට (SIU) නියෝග කර තිබෙනවා.
එසේ නියෝග කර ඇත්තේ “ක්‍රීඩා 2019 අංක 24ට අදාළ වැරදි වැළැක්වීමේ පනත”ට අදාළව ප්‍රමාණවත් කරුණු අනාවරණය වී ඇති බැවින්.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC ) දූෂණ විරෝධී ඒකකයේ (ACU) සාමාන්‍යාධිකාරී ඇලෙක්ස් මාර්ෂල් මෙම සතිය මුලදී ප්‍රාදේශීය ක්‍රිකට් නිලධාරීන් සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජිතයන් සමඟ සාකච්ඡා වට කිහිපයක් පැවැත්වීමෙන් ටික කලකට පසු ඔවුන්ගේ උපදෙස් අනුගමනය කළ බවයි වාර්තා වන්නේ.
හිටපු T20 ලෝක කුසලාන ජයග්‍රාහී ක්‍රිකට් ක්‍රීඩකයා 2020 වසරේ ලංකා ප්‍රිමියර් ලීග් (LPL) පළමු තරගාවලියට සහභාගී වන ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙකුට ඩුබායි සිට දුරකථන ඇමතුම් මගින් ඔවුන්ව තරඟ වැරදි කිරීමට පොළඹවා ගෙන ඇති බව වාර්තා වෙනවා. මෙය ශ්‍රී ලංකාවේ සාපරාධී වරදක්.
සචිත්ර සේනානායක එම චෝදනා ප්‍රතික්ෂේප කර ඇති අතර තමාට අපහාස කිරීමට සහ මඩ ගැසීමට උත්සාහ කළ බව පවසමින් ඔහු සහ එම වාර්තා අතර කිසිදු සම්බන්ධයක් නොමැති බව ඔහු තරයේ ප්‍රතික්ෂේප කර තිබෙනවා.
වැරදිකරු බව ඔප්පු වුවහොත්, වරදකරු වූ සේනානායක ශ්‍රී ලංකා රුපියල් මිලියන 100 නොඉක්මවන දඩයකට හෝ වසර 10 කට නොවැඩි සිර දඬුවමකට හෝ දඩ සහ සිරදඬුවම් දෙකටම යටත් වනු ඇති..
38 හැවිරිදි ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් white-ball තරග 73කදී ජාත්‍යන්තර කඩුලු 78ක් දවාගෙන තිබෙනවා.

