Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පිටකොටුවේ පිටි ඉවරයි! රට පුරා පිටි හිඟයක් ඇතිවන ලකුණු!

3 years ago

ආනයනික තිරිඟු පිටි තිබෙන්නේ තවත් දින කීපයකට පමණක් බව පිටකොටුව පිටි ආනයනයකරුවන් සඳහන් කරයි.

තිරිඟු පිටි ආනයනය පසුගිය 16 වැනිදා සිට ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුව මගින් සම්පුර්ණයෙන්ම තහනම් කළ බැවින් ඒ වන විට ආනයන කළ තිරිඟු පිටි තොග අවසන් වෙමින් පවතින බවයි වාර්තා වන්නේ.

එම නිසා පිටි ආනයනය කිරීමට අවසර දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටිය ද මෙතෙක් යහපත් ප්‍රතිචාරයක් ලැබී නොමැති බව‍ සඳහන්.

තිරිඟු පිටි ආනයනය නතර කිරීම තුළ මෙරට තිරිඟු පිටි නිෂ්පාදනය කරන සමාගම් දෙක මගින් රටතුළ පිටි ඒකාධිකාරයක් ඇති කිරීමට උත්සහ කිරීමක් බවත් එම නිසා ඉදිරියේදී තිරිඟු පිටි මිල වැඩි විය හැකි බවද ආනයනකරුවන් පෙන්වා දී ඇත.