Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හෙදියන්ගේ නොසැලකිල්ලෙන් අලුත උපන් බිළිදා බිම වැටී මරුට

3 years ago

අනුරාධපුර ශික්ෂණ රෝහලේ දරු ප්‍රසූතියක් අතරතුර හෙදියන්ගේ නොසැලකිල්ලෙන් බිමට වැටීම නිසා තම බිලිඳා මිය ගිය බවට මව්පිය යුවළක් චෝදනා කරති.

ඔවුන් පවසන්නේ පසුගිය 10 වනදා වූ මෙම සිද්ධියෙන් පසු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි තම බිලිඳා ඊයේ (13) උදෑසන මියගිය බවය.

අනුරාධපුර රඔෑව කල්ලංචිය ප්‍රදේශයේ 35 හැවිරිදි ගැබිනි කාන්තාවක් දරු ප්‍රසූතිය සඳහා කල්ලංචිය රෝහලට පසුගිය අගොස්තු 10 වනදා ඇතුළත් කර තිබුණි.

යම් අසීරු තත්ත්වයක පසුවීම නිසා එදිනම ඇයව අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරුකර යවා ඇත.

අනතුරුව ප්‍රසූතිකාගාරයට යොමු කර තිබූ ඇය එහිදී පිරිමි දරුවකු බිහි කර තිබේ.

එහෙත් ප්‍රසූතිය අවස්ථාවේ හෙදියන් නොසැලකිලිමත්ව කටයුතු කිරීම හේතුවෙන් සිය දරුවා බිම වැටුණු බවට ඇය සහ ඇයගේ සැමියා චෝදනා කරයි.

අනුරාධපුර රෝහලෙන් ලැබුණු මවගේ රෝග විනිශ්චය තුණ්ඩුවේ සඳහන්ව තිබෙන්නේද දරු ප්‍රසූතිය වන අවස්ථාවේ බිලිඳා බිමට වැටී ඉන් බිලිඳාගේ හිසට බලපෑමක් සිදු වී ඇති බවය. උපතේදී බිලිඳා හැඬීමක් සිදුනොකළ බවද එහි තවදුරටත් සඳහන් වේ.

කෙසේ වෙතත් මරණ සහතිකයේ දැක්වෙන්නේ හෘදයේ ගැටලුකාරී තත්ත්වයක් හේතුවෙන් බිලිඳාගේ මරණය සිදුව ඇති බවය.