රත්තපුර, ගාල්ල, බදුල්ල සහ කොළඹ ජාතික රෝහල තුළ සීටී, එම්.ආර්.අයි, පෙට් ආදී පරීක්ෂණ නැවතීමේ අවදානමක් පවතින බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය අනතුරු අඟවනවා.
ඒ, විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ හිඟය හේතුවෙන් බව එම සංගමයේ ප්‍රධාන ලේකම් ධර්මකීර්ති ඈපා මහතා පවසනවා.
සීටී, එම්.ආර්.අයි, පෙට් ආදී පරීක්ෂණ කරන ස්ථානයන්හි නිලධාරීන් විශ්‍රාම යාම හා නිලධාරීන් විදේශගත වීම හේතුවෙන් ඉදිරියේ දී මේ පරීක්ෂණ නතරවීමේ අවදානමක් පවතින බවත් ඊට විසඳුමක් ලෙස බඳවා ගැනීම හා 60න් විශ්‍රාම යාම 63 දක්වා දිර්ඝ කිරිමට යෝජනා කරන බවත් එම සංගමය සඳහන් කරනවා.
පෙට් ස්කෑන් අංශයේ දැනට සේවයේ නියතු නිළධාරීන් දෙදෙනා ලබන මාසයේ විශ්‍රාම යාමට නියමිත බැවින් ලබන මාසය වන් විට ජාතික රෝහලේ පෙට් ස්කෑන් පරීක්ෂණ නතර වීමේ හැකියාවක් තිබෙන බව විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසනවා.

