Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ලක්ෂ 4300කට අලෙවි වූ කහවත්තේ නිල් මැණික

3 years ago

කහවත්ත, කට්ටංගේ ප්‍රදේශයේ මැණික් පතලකින් හමුවූ නිල් මැණිකක් රුපියල් කෝටි 43කට වෙන්දේසියේ අලෙවි විය.

කැරට් අනූවක බරකින් යුත් මෙම මැණික ‘බ්ලූ සැෆයාර්’ වර්ගයට අයත් මැණිකක් බව මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරියෙක් පැවැසීය.

මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ අධික්ෂණය යටතේ මෙම වටිනා නිල් මැණික කහවත්ත ප්‍රදේශයේ දී වෙන්දේසි කෙරිණි.

එයට රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රකට මැණික් ව්‍යාපාරිකයෝ රැසක් සහභාගී වී සිටියහ.

වෙන්දේසියේදී පැල්මඬුල්ල ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයෙක් රුපියල් කෝටි 43ක ලංසුවක් තබා මැණික මිලදී ගත්තේය.