Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ශිෂ්‍ය නේවාසිකාගාරයේ තුන්වන මහලේ ජනේලයෙන් ඇදවැටුණු සරසවි සිසුවා මරුට

3 years ago

විශ්වවිද්‍යාල සිසුවෙකු නේවාසිකාගාර ගොඩනැගිල්ලකින් පහළට ඇදවැටී මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ මොරටුව විශ්වවිද්‍යාලයට අනුබද්ධිත හෝමාගම දියගම පිහිටි තාක්ෂණික පීඨයේ අධ්‍යාපනය හදාරමින් සිටි 26 හැවිරිදි සිසුවෙකි.

අද උදෑසන මෙම සිසුවා අදාළ ගොඩනැගිල්ලේ තුන්වන මහලින් ඇදවැටීමෙන් අනතුරුව හෝමාගම රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත.

එහිදී සිසුවා මියගොස් ඇති අතර පොලීසිය පවසන්නේ එම සිසුවා ගොඩනැගිල්ලෙන් ඇදවැටීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවය.

කෙසේ වෙතත් වැඩිදුරටත් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මියගොස් ඇති සිසුවා අයිස් මත්ද්‍රව්‍ය වෙත ඇබ්බැහි වී සිටියාද යන්නේ සැකයක් මතුව ඇති බවය.

සිද්ධිය සම්බන්ධයෙන් කහතුඩුව පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.