කැස්බෑව මාකන්දන ප්‍රදේශයේ 30 හැවිරිදි මෝස්තර නිරූපන ශිල්පියෙකු ගෙල වැළලාගෙන සියදිවි හානිකර ගෙන තිබෙනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කැස්බෑව මාකන්දන විජිතපුර ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි ඉසුරු නෙරංජන නම් තරුණයෙක්.
ජීවිතක්ෂයට පත් වූ තරුණයාගේ මව සඳහන් කළේ ණය මුදලක් යළි පියවීමේ සිදුවීමක් මුල්කරගනිමින් ඔහුට පසුගිය සමයේ රක්ෂිත බන්ධනාගාර ගත වීමටද සිදු වූ බවයි.
ඔහු වෘත්තියෙන් මෝස්තර නිරූපණ ශිල්පියෙක්.
ඉසුරු ඉකුත් 15 වනදා රාත්‍රී 8.30ට පමණ සිය මව්පියන් සමග කතාබස් කරමින් සිට පසුව නිවසේ සිය කාමරය වෙත ගොස් තිබුණා.
අනතුරුව රාත්‍රී ආහාර ගැනීම සඳහා පැමිණෙන්නැයි දැනුම්දීමට මව ඉසුරුගේ කාමරය දෙසට ගිය අවස්ථාවේදී එහි දොර වසා තිබෙනු ඇය දැක තිබෙනවා.
ඉසුරුට මඳ වේලාවක් කතා කළත් ප්‍රතිචාරයක් නොවූ බැවින් මව සිතා ඇත්තේ තම පුතු නින්දට ගොස් ඇති බවයි.
පසු දින උදෑසන පුතුට තේ රැගෙන කාමරයට ගියද එම අවස්ථාවේදීත් ඔහු ප්‍රතිචාර නොදැක්වූ බව මව පොලිසියට පවසා තිබෙනවා.
පසුව ඉසුරුගේ පියා කාමරය ඉදිරිපිට බංකුවක් තබා දොරේ ඇති කවුළුවකින් බැලීමේදී පුතු ඇඳ මත නොසිට තිබෙනවා.
මේ සම්බන්ධයෙන් අසල්වාසීන්ටද මව්පියන් විසින් දන්වා තිබූ අතර අනතුරුව කාමරයේ දොර කඩා විවෘත කර බැලීමේදී දැක ගැනීමට හැකි වී ඇත්තේ ඉසුරු කාමරය තුළ ගෙල වැළලාගෙන සිටි ආකාරයයි.
ජනෙල් තිර රෙද්දකින් සැදූ ලණුවක් නාන කාමරයේ දොර ඉහළ කවුළුවේ ගැට ගසා ඔහු එහි එල්ලී සිටි බව පොලිසිය පැවසුවා.
පොලිස් නිලධාරීන් ඉසුරුගේ කාමරයේ සිදුකළ පරීක්ෂාවේදී එහි තිබී අත් – නොහැර අත්හැර බලා සිටිමි; ලෙස සඳහන් මුද්‍රිත කුඩා පොතක්ද සොයා ගැනුණා.
තවද ඒ අසලම මව හා පියා ඇතුළු සිය සමීපතමයින් වෙත ලියන ලද ලිපි 13 ක්ද සොයාගෙන තිබෙනවා.
ඉසුරු මිය යාමට පෙර මවට ලියන ලද ලිපිවල සඳහන් කර තිබුණේ මෙලෙසින්.
“අම්මේ සමහරවිට මම මේ ලෝකේ ආදරේ කළ එකම කෙනා ඔයා කියලා කිව්වොත් මම හිතනවා මම වැරදි නැහැ කියලා, මොකද දන්න අනිත් හැමෝම අතරේ මරණය ඉදිරියේ දාලා යන්න බෑ කියලා දුක හිතුණේ ඔයා ගැන විතරයි “
ඉසුරු විසින් පියාට ලියන ලද ලිපියේ මෙලෙස සඳහන් කර තිබුණා.
“තාත්තේ මම දන්නවා ඔයා මේ වෙලාවේ දුකෙන් ඉන්නේ කියලා මොකද ඔයා විශ්වාස කරනවා ජීවිතය කියන්නේ හැමදේම කියලා. දේවල් දෙකක් මුලින්ම කියන්න ඕන ඉපදීම සහ මරණය කියන්නේ වචන දෙකක් උනාට ඒ දෙකෙන්ම වෙන්නේ එකයි. ඒ කියන්නේ ඒ දෙකම එකයි .”
තවද අනෙක් ලිපි කවරවල බහා එහි නම්වල සඳහන් පිරිස් වෙත එය භාරදෙන්න යනුවෙන් ද ඔහුගේ අවසන් කැමති පත්‍රයේ දක්වා තිබෙන බවයි පොලිසීය වැඩිදුරටත් සඳහන් කළේ.
කෙසේවෙතත් ඉසුරු රුපියල් ලක්ෂ 10 ක මුදලක් පුද්ගලයින් දෙදෙනෙකුගෙන් ණයට ලබාගෙන ඇති අතර පසුව එම මුදලෙන් ලක්ෂ 3ක් යළි පියවා තිබුණා.
මව සඳහන් කළේ මුදල් ලබාදුන් පිරිස් පසුව ලබාදුන් මුදලට වඩා වැඩි මුදලක් නැවත ඉල්ලා සිට ඇති අතර එය ගෙවීමට අපහසු වූ හෙයින් තම පුතුට පසුගිය සමයේ රක්ෂිත බන්ධනාගාර ගත වීමටද සිදු වූ බවයි.
ඉසුරු මීට පෙරද ගෙල වැළලාගෙන සියදිවි හානි කරගැනීමට තැත් කර ඇති බවයි ඉසුරුගේ පියා ප්‍රකාශ කර සිටියේ.(hiru)

