Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ප්‍රකට ව්‍යාපාරික තාබුගල නිදන් හාරා අත්අඩංගුවට! තාබුගල පිටුපස ප්‍රබල දේශපාලකයින් රැසක්!

3 years ago

ප්‍රකට ව්‍යාපාරික විරංජිත් තාබුගල කෝටිපතියෙකු වූයේ නිදන් හාරා බවත් අවස්ථා දෙකකදී නිධන් හාර ඔහු පොලීසියට අසු වූ බවත් එම අවස්ථා දෙකේදීම හොර වැඩ කර පැනගත් බවද පරිසරවේදී සජීව චාමිකර හා දුලාන් සේනාධීර සදහන් කරයි.

විරංජිත් තාබුගල රැකීම සදහා අනුරාධපුර ප්‍රදේශයේ පොලිස් ප්‍රධානියෙකු කටයුතු කරමින් සිටින බවත් ඔහු එම ප්‍රදේශයේ ජනතාව දන්නා දේවල් එළියට දැමීමටත් තාබුගල ඉඩ නොදෙන බවද පරිසරවේදීන් සදහන් කරයි.

අනුරාධපුර කෝමාරිකා වගාවේ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරන ලද්දේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ, එස් එම් චන්ද්‍රසේන හා දයා ගමගේ විසින් මුදල් අරගෙන බවත් ඒ සම්බන්ධයෙන් සාක්ෂි තිබෙන බවද පරිසරවේදීන් සදහන් කරයි

කෝටි ගණනින් වැටුප් දෙන බවට සදහන් කර එම ව්‍යාපෘතියට රැකියාවට ගත් අයට අද වන තෙක් වැටුප් ලබාදී නැති බවත් තාබුගල තමන් කලින් කියූ බොරු ටික දැන් පැටලී ඇති බවද ඔවුන් සදහන් කරයි.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් පරිසරවේදීන් මේ බව සදහන් කරයි.