Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හිටපු ජනපති ගෝඨාගේ වැඩපිළිවෙළ යළි අරඹයි

3 years ago

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කරමින් පක්ෂ යාන්ත්‍රණය ශක්තිමත් කිරීමට වැඩපිළිවෙළක් හෙට දිනයේ සිට ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඔහු ධුරය දරන කාලයේ දී පවත්වන ලද ‘ගම සමඟ පිළිසඳර’ වැඩසටහනේ දිගුවක් ලෙස මෙම වැඩපිළිවෙළ ආරම්භ කිරීමට නියමිතය.

එහිදී පක්ෂයට නව සාමාජිකයන් බඳවා කමිටු සභා පිහිටුවීම, ගමේ ප්‍රශ්න හඳුනාගැනීම සිදුකිරීමට නියමිතව ඇත.