Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

යළි සෞඛ්‍ය අවධානමක්! වේගයෙන් පැතිර යන නව කොවිඩ් ප්‍රභේද දෙකක් සොයා ගනී!

3 years ago

ඉතාම වේගයෙන් ව්‍යාප්තවන කොවිඩ් වෛරසයේ ඔමික්‍රෝන් උප ප්‍රභේද දෙකක් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු ඇගවීමක් කර ඇත.

එම උප ප්‍රභේද දෙකේ එකක් EG.5 – Eris උප ප්‍රභේදය ලෙස බ්‍රිතාන්‍ය පර්යේෂකයන් විසින් හඳුනා ගනු ලැබූ අතර අනෙක් උප ප්‍රභේදය BA.2.86 ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය නම් කර ඇත.

EG.5 – Eris උප ප්‍රභේදය අමෙරිකාවේ ව්‍යාප්ත වන බව එරට සෞඛ්‍ය අංශ අනතුරු අඟවා ඇති අතර මේ වනවිට BA.2.86 උප ප්‍රභේදය ඩෙන්මාර්කය, අමෙරිකාවෙන් සහ ඊශ්‍රායලයෙන් හමුවී ඇත.

පසුගිය වසරවල සාර්ථක එන්නත්කරණ වැඩසටහන් හේතුවෙන් කොවිඩ් 19 වයිරසයේ සැර බාල වු අතර ඔමික්‍රෝන් ප්‍රභේදය යනු එසේ සැර බාල වුණු කොවිඩ් වයිරසයේ උප ප්‍රභේදයක් වේ.