විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් මේ වසරේ ජනවාරි 23 සිට පෙබරවාරි 17 දක්වා පැවැත්වූ 2022 වර්ෂයට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර පරීක්ෂා කිරීම ආරම්භ කිරීම මාස 4කින් පමණ ප්‍රමාද වූ බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසනවා.
එම කාල සීමාව පිළිබඳව නොසැලකූ විට උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමේ පමාවක් සිදුව නොමැති බව ඔහු සඳහන් කරනවා.
එමෙන්ම ප්‍රශ්න පත්‍ර සමීක්ෂණය සහ ඇගයීම් ක්‍රියාවලිය ඇතුළු කටයුතු සඳහා දෙපාර්තමේන්තුවේ උපරිම දායකත්වය දක්වා ඇති බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.
මේ පිළිබඳව අදහස් දක්වමින් ඔහු සඳහන් කරන්නේ උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමේ දිනය නිශ්චිතවම පැවසීමට අපහසු බවත් අගෝස්තු මාසය තුළ ප්‍රතිඵල නිකුත් කිරීමට විභාග දෙපාර්තමේන්තුව හැකි සෑම උත්සාහයක්ම ගන්නා බවයි.
2022 උසස් පෙළ විභාගයට පෙනී සිටි අයැදුම්කරුවන් සංඛ්‍යාව තුන්ලක්ෂ තිස්එක් දහසකි. ඒ අතරින් පාසල් අයැදුම්කරුවන් 278,196 ක් සහ පෞද්ගලික අයැදුම්කරුවන් 53,513 ක් විභාගය සඳහා අයැදුම් කර තිබුණි.(deshaya)

