පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලංසා මහතා විසින් පිහිටවනු ලබන නව දේශපාලන සන්ධානයේ මුල්ම ජන හමුව එළඹෙන මාසයේ පැවැත්වීමට සූදානමින් ඇති බව වාර්තා වෙයි.
එම ජනහමුව ජාඇල නගරයේ දී පැවැත්වීමට මේ වන විට සැලසුම් කර ඇත.
ජාඇල නගරයෙන් ආරම්භ කිරීමෙන් පසු මෙම නව සන්ධානය ජන හමු මාලාවක් රට පුරා සියලුම පාර්ලිමේන්තු ආසන නියෝජනය පරිදි පැවැත්වීමට සංවිධානය කර ඇති බව ද වාර්තා වෙයි.
