විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මෙම වසරේ පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් විශේෂ පැහැදිලි කිරීමක් කර තිබෙනවා.
පසුගියදා අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පැවසුවේ ඉදිරියේදී ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍රයේ වෙනසක් සිදු කරන බවයි.
ඒ අනුව ඔහු එහිදී සඳහන් කළේ දරුවන්ගේ හිස මත පැටවෙන බර ලිහිල් කිරීම සඳහා ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහාත්මක වෙනසක් සිදු කරන බවයි.
නමුත් විභාග කොමසාරි ජනරාල් අමිත් ජයසුන්දර පවසන්නේ මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පෙර පරිදිම පැවැත්වෙන බවත් මෙවර ප්‍රශ්න පත්‍ර ව්‍යුහයේ කිසිදු වෙනසක් සිදු නොවන බවයි.
පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ වෙනසක් සිදුකරන බවට අමාත්‍යවරයා ප්‍රකාශ කළද එය ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලදී සිදුකිරීමට සාකච්ඡා කෙරෙන ප්රතිසංස්කරණයක් බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසන්නේ.
මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝම්බර් මස 15 වැනි ඉරිදා දින පැවැත්වෙනවා. ශිෂ්‍යත්ව විභාගය සඳහා වාර්ෂිකව සාමාන්‍යයෙන් අයදුම්කරුවන් ලක්ෂ තුනක් පමණ පෙනී සිටින බවයි පැවසෙන්නේ.

