හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධනගේ ඥාති සොහොයුරෙකු වන කළුතර ප්‍රාදේශීය සභා මන්ත්‍රී රොෂාන් අබේගුණවර්ධන ගේ නිවස හොරු කඩා ඇති බව කළුතර උතුර පොලිසිය පවසනවා .
මසක් තුල නිවස හොරු කැඩූ දෙවන අවස්ථාවද මෙය බව සදහන් වන අතර, අමාත්‍යවරයාද එහි පැමිණ සිටි අයුරු දැකගත හැකිවුණා .
නිවසේ පිටුපස ජනේලයක් කඩා ඇතුල්වී ඇති කිසියම් පුද්ගලයකු එහි තිබූ රන්භාණ්ඩ සහ විදේශීය මත්පැන් බෝතල් තොගයක්ද සොරගෙන ගොස් ඇති බව සදහන්.
සැකකරුවන් මෙතෙක් හදුනාගෙන නොමැති බවත් , කිසිදු හෝඩුවාවක් සටහන්ව නැති බවත් සැකකරුවන් සොයා පරීක්ෂණ සිදුකරන බවත් පොලිසිය පවසනවා.

