Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීම පිළිබඳ ප්‍රකාශයක්

3 years ago

මේ වසර අවසන් වීමට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කිරීමට ක්‍රියා කරන බව සබරගමු පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක මහතා කියා සිටී.

ඔහු කියා සිටින්නේ අද රටේ ජනතාව අධික ජිවන බර නිසා පීඩාවෙන් සිටින බවත් රාජ්‍ය සේවකයාගේ වැටුප් අවසන්වරට වැඩි කළේ රවී කරුණානායක එවක සිටි මුදල් ඇමතිවරයා හා වත්මන් මුදල් ඇමති රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරය දැරූ යහපාලන ආණ්ඩුවෙන් බවයි.

මේ වසර අවසන් වීමට පෙර රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කිරීම සිදු කරන නමුත් එහෙම කළ පමණින් රට වැටී ඇති අගාධයෙන් ගොඩ ගැනීමට නොහැකි බවද හෙතෙම කියා සිටියේය.