මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නව වේග පන්දු යැවීමේ පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා හා මුම්මායි ඉන්දියන්ස් හිටපු සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පත්කර තිබෙනවා.
ඒ අනුව පසුගිය තරගාවලි 9 තුළ දී මුම්බායි කණ්ඩායමේ වේග පන්දු යැවීමේ පුහුණුකරුවූ ශේන් බෝන්ඩ්ගේ සේවා කාලය නිම වනු ඇති බවයි වාර්තා වන්නේ.
2021 වසරේදී IPL පිටියෙන් සමුගත් මාලිංග 2022, 2023 යන වසරවලදී රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ වේග පන්දු යැවීමේ පුහුණුකරු ලෙස කටයුතු කරනු ලැබීය.

