Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රජයේ විශ්වවිද්‍යාලකින් උපාධිය ලබා විදෙස්ගත වන පුද්ගලයින්ගෙන් උපාධියට වැය වූ මුදල අය කර ගැනීමට වැඩපිළිවෙළක්

3 years ago

රාජ්‍ය විශ්වවිද්‍යාලවලින් උපාධිය ලබාගෙන විදෙස්ගත වන පුද්ගලයින්ගෙන් උපාධිය සඳහා රජය වැය කළ මුදල කොටස් වශයෙන් හෝ යළි අය කරගැනීමේ වැඩපිළිවෙළක් සකස් කළ යුතු බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති සම්පත් අමරතුංග පවසනවා.

ඒ තුළින් තවත් පුද්ගලයෙකුට ප්‍රතිලාභ ලැබෙන වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවයි ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ යෝජනා පිළියෙල කරන ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.

මේ සඳහා ජාතික නීතියක් අවශ්‍ය බවයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා සඳහන් කළේ.

එලෙස පුද්ගලයින් විදෙස් ගතවීම ගැටලුවක් නොවන බවත් විදෙස් ගතවූ පසු හැකි තරම් මුදල් ශ්‍රී ලංකාවට එවීමට කටයුතු ලෙස තමාගේ පෞද්ගලික අදහස බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.