පාකිස්තානයේ කේබල් රථයක පිරිසක් සිරව සිටිනවා.
පාකිස්තානයේ Pakhtunkhwa පළාතේ පාසල් ළමුන් ප්‍රවාහනය කරමින් සිටි කේබල් රථයක් මෙලෙස සිරවීමකට ලක්ව තිබෙනවා.
බොහෝ විට එරට පාසල් ළමුන් ප්‍රවාහනය කරනු ලබන්නේ මෙම කේබල් රථවක වන අතර අද උදෑසනත් සුපුරුදු පරිදි මෙම ප්‍රවාහනය සිදුව තිබෙනවා.
මෙම රථය සිරවී තිබෙන්නේ අඩි 1200ක පමණ ඉහලින් වීමත් අධික සුළං තත්ත්වයත් හේතුවෙන් මුදාගැනීමේ මෙහෙයුම් අසීරු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කොට තිබෙන්නේ.
කේබල් රථය සිරවන විටත් එහි ළමුන් 06ක් සහ ගුරුවරුන් 2ක් සිටි ඇති බවයි වාර්තා වෙන්නේ.
අසීරු කාලගුණික තත්ත්වයක් තුළ වුවත් බේරා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වන බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

