Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පාසල් දරුවන්ට හෘද රෝග(heart attack) වැළඳීමේ දැඩි අවධානමක්

3 years ago

පාසල් වයසේ පසුවන දරුවන් පවා අඩු වයසින් හෘදයාබාධවලට ලක්වීමේ අවදානමක් පවතින බව කළුතර මහ රෝහලේ හෘද රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය භාතිය රණසිංහ පවසයි.

වෛද්‍යවරයා පෙන්වා දුන්නේ ආතතිය, ආහාර රටාව සහ ව්‍යායාම අඩුකම ඊට හේතු වී ඇති බවයි.

ශාරීරික සෞඛ්‍ය සහ මානසික සෞඛ්‍ය පිළිබඳ වැඩි අවධානයක් යොමුකර කටයුතු කිරීමෙන් අඩු වයසින් හෘදයාබාධ තත්ත්වයන්ට මුහුණදීමේ අවධානම මගහරවා ගත හැකි බව විශේෂඥ වෛද්‍ය භාතිය රණසිංහ වැඩිදුරටත් සඳහන් කරයි