Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රුසියන් ජනාධිපති පුටින්ව මට්ටු කිරීමට ගිය වැග්නර් නායකයා ගුවන් අනතුරකින් මිය යයි

3 years ago

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ට එරෙහිව අසාර්ථක කුමන්ත්‍රණයකට නායකත්වය දුන් වැග්නර් කුලී හේවා කණ්ඩායමේ නායක යෙව්ගනි ප්‍රිගොෂින් ගමන් ගත් ගුවන් යානය අනතුරකට ලක්ව ඇති බව විදෙස් ප්‍රවෘත්ති වාර්තා කරනවා.

රුසියානු සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසා ඇත්තේ යානයේ සිටි මගීන්ගේ ලැයිස්තුවේ Yevgeny Prigozhin සිටි බවයි.

Dimitri Otkin නම් වු වැග්නර් හමුදාවේ ඉහළ පෙලේ නායකයෙකුද මේ ගුවන් අනතුරින් මිය ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

වැග්නර් බලකාය විසින් රුසියානු පාලනය යටතේ පැවති නැගෙනහිර යුක්රේනයට මායිම්ව පිහිටි රොස්තොව් නගරය පළමුව අත්පත් කරගත් අතර පසුව ඔවුන් වෙරොනිෂ් නගරයේ බලය ද අත්පත් කර ගත්තා.

රුසියාව සහ යුක්රේනය අතර යුද්ධයේ දී රුසියාවට සහය ලබාදෙන කුලී හේවා බලකායක් ලෙසයි වැග්නර් සන්නද්ධ කණ්ඩායම කටයුතු කරනු ලබන්නේ.

රුසියාවට සහය දැක්වීමට ඉදිරිපත් වූ වැග්නර් බලකායට අයත් ප්‍රදේශයකට රුසියානු හමුදාව විසින් ගුවන් ප්‍රහාරයක් එල්ල කළ බව කියන සිද්ධියක් මුල් කර ගනිමින් ඔවුන් රුසියානු පාලන යටතේ පැවති ප්‍රදේශ ආක්‍රමණය ආරම්භ කළේ.