Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පාසල් යන වයසේ දරුවන්ගේ මතක ශක්තිය හීනවීමක් පිළිබඳව දෙමව්පියන්ට අනතුරු ඇඟවීමක්! මෙවැනි උපකරණ භාවිතයටදීමේදී සැලකිලිමත් වන ලෙස දැනුම්දීමක්!

3 years ago

ජංගම දුරකතන සහ අන්තර්ජාල ක්‍රියාකාරම් සඳහා ඇබ්බැහිවීම තුළින් දරුවන්ගේ මතක ශක්තිය හීනවීමේ අවදානමක් මතුවී ඇති බව විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා පවසයි.

ඔහු පැවසුවේ දරුවන් පමණ ඉක්මවා එම උපාංග භාවිතය සම්බන්ධයෙන් දෙමව්පියන් දැඩි අවධානයෙන් පසුවිය යුතු බවය.

ගාල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා මේ බව සදහන් කළේය.

“මේ ඇබ්බැහිවීම් තුළින් මුලින්ම වෙන්නේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කඩාකප්පල්වීම. ඊට පසු අන්තර්ජාලය තුළම සැරිසරන්නට මේ අයට හිතෙනවා. ඉන් අනතුරුව වීඩියෝ ගේම් සඳහා ඇබ්බැහි වෙනවා. මේක බරපතළ තත්ත්වයක් වගේම මානසික රෝගයක් කියලා අද වනවිට හඳුනාගෙන තිබෙනවා. දෙමව්පියන්ව සතුරන් හැටියට දකින්න පුළුවන්.”