Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

නාඳුනන අයෙක් බලහත්කාරයෙන් දුන් අයිස් පැකට්ටුවක් බී සිසුවෙක් අසනීප වෙයි

3 years ago

හොරණ ප්‍රදේශයේ සරුංගල් යවමින් සිටි දරුවෙකුට නාඳුනන පුද්ගලයෙකු පැමිණ දුන් අයිස් බීම පැකට්ටුවක් පානය කිරීමෙන් අසනීප වී තිබෙනවා.

එම දරුවා දෙමාපියන් විසින් හොරණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මෙම දරුවා වයස අවුරුදු 12ක හොරණ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.

අප වර්තාකරු පැවසුවේ මෙම දරුවා වෙල් යායේ සරුංගල් යවමින් සිටියදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයෙකු විවෘත කරන ලද බිම් පැකටුවක් ලබා දී ඇති බවයි.

දරුවාට ලබා දුන් බීම පැකටුව ප්‍රතික්ෂේප කලත් එය දරුවාට බලහත්කාරයෙන් ලබා දී ඇති බවයි සඳහන් වන්නේ.

කෙසේ වෙතත් එය පානය කිරීමෙන් අනතුරුව ක්ලාන්ත ගතියට පත්ව රෝහලට ඇතුළු කර තිබෙනවා.

පොලිසිය පැවසුවේ මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරන බවයි.