Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ලොව වේගවත්ම මිනිසා වූ උසේන් බෝල්ට්ගේ වාර්තාව බිඳහෙලීමට නෝවා ලියිල්ස් සමත් වෙයි

3 years ago

උසේන් බෝල්ට් විසින් මීට පෙර පිහිටුවා තිබූ ලෝක වාර්තාවක් නෝවා ලියිල්ස් (Noah Lyles) විසින් බිඳ දැමීමට සමත් වී තිබෙනවා.

ඒ උසේන් බෝල්ට්ගෙන් පසුව එකම ශූරතාවලියේදී මීටර් 100 සහ මීටර් 200 රන් පදක්කම් දෙකම දිනාගත් පළමු මිනිසා බවට පත් වෙමින්.

26 හැවිරිදි ඔහු සිකුරාදා ලෝක ශූරතාවලියේදී මීටර් 200 ශූරතාව දිනාගත් අතර, 2015 දී උසේන් බෝල්ට්ට පසුව කෙටි දුර ධාවන ශූරතාව දිනාගත් පළමු ක්‍රීඩකයා බවට පත්වීමට සමත් වුණා.

ඔහුගේ කණ්ඩායමේ සගයා වූ Erriyon Knighton රිදී පදක්කම දිනාගත් අතර, Botswana හි Letsile Tebogo ලෝකඩ පදක්කම දිනා ගනු ලැබුවා.