Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සම අයිතීන් දිනා ගැනීමට ඇමරිකානු කාන්තාවෝ උඩුකය නිරුවතින් විරෝධතාවල! බූබ්ස් සිතියමත් එළිදක්වයි!

3 years ago

අමෙරිකාවේ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය මත කාන්තාවන්ට ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය ලැබුණේ 1920 අගෝස්තු 26 වැනිදාය.

එම නිසාම 1971 දී, එක්සත් ජනපද කොන්ග්‍රසය අගෝස්තු 26 ජාතික වශයෙන් පිළිගත් දිනයක් බවට පත් කර එය “කාන්තා සමානතා දිනය” ලෙස නම් කර තිබෙනවා.

ඒ අනුව එම දිනය සැමරීම සඳහා ලොව පුරා නගරවල සිටින කාන්තාවන්ට ප්‍රසිද්ධියේ උඩුකය නිරුවතින් යාමට ඇති අයිතිය වෙනුවෙන් පෙනී සිටින ලෙස ආරාධනා කර තිබෙනවා.

ඒ වෙනුවෙන් එකතුවන සහ අමෙරිකාවේ එක් එක් ප්‍රදේශවල මෙම විරෝධතාවන් සංවිධානය කර ඇති ප්‍රදේශ සඳහන් කර “බූබ් සිතියම” නමින් සිතියමක්ද අන්තර්ජාලයට මුදාහැර තිබෙන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කර සිටින්නේ.

මෙය GoTopless දිනය නමින්ද හැදින්වෙන අතර එයට හේතුව වන්නේ GoTopless යනු අමෙරිකාව තුල පිහිටා ඇති කාන්තා සමානාත්මතාවය වෙනුවෙන් පෙනී සිටින සංවිධානයක් වීම නිසයි.