මුහුදු ජලය පිරිසිදු කර භාවිතයට ගැනීමේ ව්‍යාපෘතියක් යාපනය ප්‍රදේශය ආශ්‍රිතව ආරම්භ කිරීමට ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය සැලසුම් කර තිබෙනවා.
ඒ මගින් පවුල් 60,000ක පුද්ගලයින් ලක්ෂ 3කට පමණ ජලය ලබාදීමට හැකිවනු ඇති බවයි එම මණ්ඩලය පවසන්නේ.
එම ව්‍යාපෘතියේ ඉදිකිරීම් ලබන වසර මුලදී අවසන් කිරීමට හැකිවනු ඇති බව ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ.

