එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව ස:ජ:බෙ, නියෝජනය කරන නායකයින් සියලු දෙනාටත් සාමාජිකයන්ටත් පරණ කෝන්තර අමතක කර අපේ මහ ගෙදරට ඇවිත් අලුත් රටක් හදන අපේ අලුත් ගමනට සහයෝගය ලබා දෙන ලෙස එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රික් නායක රවී කරුණානායක මහතා ආරාධනාවක් කරනවා.
හිටපු අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ සිරස නාලිකාවේ විකාශනය වූ “ඉලක්කය” වැඩසටහනට සහභාගී වෙමින්.
අපේ රට ඉතා දරුණු ජාතික මට්ටමේ අර්බුදයකට මුහුණ දෙන බවත් එය ආර්ථික දේශපාලන හා සමාජ ගැටලු වලින් යුක්ත බවත් මෙම ජාතික අර්බුදයෙන් ගොඩ ඒමට නම් සියලු දෙනා එකට එකතු වී පොදු ජාතික ප්‍රතිපත්තියක් සහිත අලුත් වැඩපිළිවෙළට යා යුතු බව ද හිටපු අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර සිටියා.
අද දාහත් ලක්ෂයක් ව සිටින රාජ්‍ය සේවය ගත්තහම මහජනතාවට ලොකු බරක් වෙලා තිබෙනවා. මොකද මහජන බදු මුදලින් තමයි ඔවුන්ට වැටුප් ගෙවන්න වෙලා තිබෙන්නේ.සමස්තයක් විදියට ගත්තම හොඳ රාජ්‍ය සේවකයින් සිටිනවා. නමුත් සියයට දෙකක් පමණ වූ දූෂිත නිලධාරීන් නිසා සමස්ත රාජ්‍ය සේවයම අකාර්යක්ෂම වෙලා තිබෙනවා. ඒ නිසා ප්‍රතිව්‍යුහගත කිරීමක් අත්‍යවශ්‍යමයි. මම එහෙම කියන්නේ මහජනතාවට සේවය ලබාදීම ඉලක්ක කරගත් දියුණු රාජ්‍ය සේවයක් හදන්න එක තුලින් මහජනතාවට මිත්‍රශීලී වඩා හොඳ රාජ්‍ය සේවාවක් ලබා දෙන්න මේ තුළින් හැකි වෙනවා.
IMF එක කියන විදිහට අපි ප්‍රතිව්‍යුගත කිරීම අත්‍යවශ්‍ය නැහැ. සුද්දට ඕනි විදිහට නෙමේ අපේ ආර්ථික සැලසුම් ක්‍රියාත්මක කළ යුත්තේ ලංකාවට ඔබින ආකාරයටයි.එනිසා මම හිතන විදිහට මීට වඩා අපි විධිමත් සැලසුම් වලට යා යුතුයි. මොකද මම 2016 මුදල් අමාත්‍යවරයා විදිහට දින සියයේ වැඩපිළිවෙළ තුළින් රටේ ආර්ථිකය ශක්තිමත් කරන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ එනිසා ප්‍රායෝගිකව මම දන්නවා කරන්න ඔනි විදිහ.
අපි රාජ්‍ය සේවකයින්ට රුපියල් දහදාහක වැටුප් වැඩි කළේ ආදායම උපයාගෙනයි. අනෙකුත් සහන ලබා දුන්නෙත් අන්න ඒ විදියටයි. ඒ නිසා ඉදිරි වර්ෂය තුළ අපි එවැනි වැඩපිලිවෙලකට යා යුතුයි. වර්තමාන ජනාධිපතිවරයාට ඒක කරන්න පුළුවන් ශක්තිය කියනවා එනිසා අපි සියලු දෙනා ඒකට සහයෝගය ලබා දීමයි කළ යුත්තේ.

